රු අහසේ cover art

රු අහසේ

by Rasika Kumara

AI-generated EDM song · 2:26 · 1 play

Lyrics

නිල් අහසේ තරු බලනා පුංචි මල්ලියේ
පැදුරු කොනේ ගුලි වීලා නිදිද මල්ලියේ
අම්මා නැති දුක තවමත් දැනෙනවාද මල්ලියේ
මක්කරන්න මගෙ මල්ලිට අක්ක විතරයි නේ

​

කුසගිනි වී හඬන විටදි බත් මිටක් නැතී
සීතල වැඩි රෑ යාමේ පොරවන්න දෙයක් නැතී
ගෙපැල පුරා අම්මා නැති පාලුව විතරයි ඇතී
අක්කා දෙන සෙනෙහස දැන් නුබට හොඳටම ඇතී

​

මහ පාරේ අත අල්ලා මම එක්කන් යන්නම්
නුඹේ පොත් බෑගය උරහිස තියලා උසුලන්නම්
දුක් නොවී ඉන්න මල්ලි කඳුළු මම පිසදාන්නම්
අම්මා වගේ පණ රකිනා අක්කා මම වෙන්නම්

නිල් අහසේ තරු බලනා පුංචි මල්ලියේ
පැදුරු කොනේ ගුලි වීලා නිදිද මල්ලියේ
අම්මා ගිය දුක තවමත් දැනෙනවාද මල්ලියේ
මක්කරන්න මගෙ මල්ලිට අක්ක විතරයි නේ
​මක්කරන්න මගෙ මල්ලිට අක්ක විතරයි නේ
මක්කරන්න මගෙ මල්ලිට අක්ක විතරයි නේ

More by Rasika Kumara

Make your own song with SoundLab AI · Turn your own lyrics into a song